දේශීය

ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ඩිජිටල් ජාලගත කෙරේ.

ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් තොරතුරු ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒමේ ජාලගත කිරීමේ ව්‍යාපෘතිය මේ වසර තුළ අවසන් කරන ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. FAO නිලධාරීන්ද එක්වෙයි.

ඉඩම් ඔප්පු සහ පත්ඉරු රස්තියාදුව ඉවරයි; ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ඩිජිටල් ජාලගත කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය මේ වසරේම අවසන් කිරීමට අමාත්‍ය ලාල්කාන්තගෙන් නියෝග!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රය තුළ ඓතිහාසික වෙනසක් සිදුකරමින්, රටේ සියලුම ඉඩම් තොරතුරු එක් ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒමේ ‘ඉඩම් ජාලගත කිරීමේ’ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, මේ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන් සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

මහජන සේවාවන් උපරිම කාර්යක්ෂම වෙයි මෙතෙක් කාලයක් මහජනතාව දැඩි සේ පීඩාවට පත් කළ ඉඩම් ඔප්පු ලබා ගැනීම, පත්ඉරු (Extracts) පරික්ෂා කිරීම සහ රජයේ ඉඩම් ආයෝජකයින් වෙත හඳුන්වාදීම වැනි කටයුතුවල පවතින ප්‍රමාදය මඟහරවා ගැනීම මෙම ඩිජිටල්කරණයේ ප්‍රධාන අරමුණයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් දැනට සිදුකරන ඉඩම් සිතියම්ගත කිරීමේ (Land Mapping) නවතම දත්ත ද මෙම පද්ධතියට ඍජුවම ඇතුළත් කිරීමට මෙහිදී එකඟතාව පළ විය.

ආයෝජන අවස්ථා සඳහා නව පණක් දැනට පවතින අනෙකුත් රාජ්‍ය දත්ත පද්ධති සමඟ මෙම නව ඉඩම් ජාලය ඒකාබද්ධ කිරීමට (Integration) නියමිතය. රජය සතු ඉඩම් කඩිනමින් හඳුනාගෙන, ඒවා විනිවිදභාවයකින් යුතුව ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීම තුළින් රටේ ආර්ථිකයට මෙන්ම පොදු ජනතාවට කඩිනම් ප්‍රතිලාභ ලබාදිය හැකි බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ සියලුම වැඩකටයුතු මෙම වසර (2026) තුළදීම සම්පූර්ණයෙන්ම අවසන් කර, එහි සමස්ත ප්‍රතිලාභ මහජනතාව වෙත කඩිනමින් මුදාහරින ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දුන්නේය.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author