දේශීය

ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලූ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට.

කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 9ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී කළුතර හෝටලයක් තුළදී අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් ලක්ෂ 9ක අල්ලසක් ගනිද්දී හෝටලයකදී කොටු වෙයි; කොළඹ මහේස්ත්‍රාත් හමුවට!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය යටතේ පවතින විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් ලක්ෂ නවයක (900,000) අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කළුතර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් තුළදීය.

ලක්ෂ 10ක අල්ලස් ගනුදෙනුව වාර්තා වන අන්දමට කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් පවත්වා ඇත. එම විමර්ශනයට අදාළව අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව අධිකරණය හමුවේ අපරාධමය චෝදනා ගොනු නොකර සිටීම සඳහා මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

හෝටලයේදී දැලට කොටු වෙයි තමන් ඉල්ලූ අල්ලස් මුදලෙන් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය දිනක මෙම පොලිස් පරීක්ෂකවරයා විසින් ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන තිබුණි. පසුව ඉතිරි රුපියල් ලක්ෂ 9ක මුදල ලබාගැනීම සඳහා ඔහු කළුතර ප්‍රදේශයේ හෝටලයකට පැමිණි අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් යෙදවූ උපක්‍රමශීලී වැටලීමකදී මුදලත් සමඟම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author