ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පත් කර තිබේ. පත්වීම් ලිපිය අද (23) ජනාධිපති කාර්යාලයේදී භාර දෙන ලදී.
සබරගමුව පළාත් නව ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පත් කෙරේ; ජනාධිපති ලේකම්ගෙන් පත්වීම් ලිපිය අද භාර දෙයි!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පත් කර තිබේ.
ඊට අදාළ නිල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දක්ෂ පරිපාලන නිලධාරියෙක් මෙම නව තනතුරට පත්වීමට පෙර ජයසේකර මහතා ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජකාරි කරමින් සිටියේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ වසර ගණනාවක අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඒ මහතා, මීට පෙර ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද, ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මෙන්ම ඌව පළාත් සභාවේ ලේකම් ලෙස ද සේවය කර ඇත.
හෙබවූ අනෙකුත් ප්‍රධාන තනතුරු මීට අමතරව රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු හෙබවූ ජයසේකර මහතා, ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ එහි වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙසත් කටයුතු කර තිබේ. එසේම මොනරාගල, තණමල්විල සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මහජන සේවයට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති පරිපාලන නිලධාරියෙකි.