දේශීය

අස්වැසුම වැඩිහිටි දීමනා ගිණුම්වලට බැර කෙරේ

அස්වැසුම සුබසාධක ප්‍රතිලාභ අරමුදල් යෝජනා ක්‍රමයේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන මැයි මාසයේ ප්‍රතිලාභ දීමනා මේ වන විට බැංකු ගිණුම් වෙත බැර කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, මෙම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් මැයි මාසයේ දීමනා ලෙස රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක ($රු. 3,125,600,000$) මුදලක් ගිණුම් වෙත යොමු කර තිබේ.

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

එසේම, එහි දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 73,663 දෙනෙකු වෙනුවෙන් මැයි මාසය සඳහා රුපියල් තිස්හය කෝටි අසූ තුන් ලක්ෂ පහළොස් දහසක ($රු. 368,315,000$) මුදලක් බැංකු ගිණුම් වෙත බැර කර ඇති බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

මෙම අදාළ ප්‍රතිලාභී සියලු දෙනාටම තමන්ගේ ප්‍රතිලාභී දීමනාව හෙට (මැයි 29) දින සිට තම අස්වැසුම ගිණුම මගින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටී.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author