දේශපාලන දේශීය

ලියාපදිංචි නොකළ වාහන ලීසිං පහසුකම් සීමා කෙරේ

ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයන් (LTV Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. මෙම නව සීමාවන් හෙට (25) දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.

සංශෝධිත උපරිම ණය සීමාවන්ට අනුව, වාණිජ වාහන (Commercial Vehicles) සඳහා ලබාදෙන උපරිම ලීසිං ණය මුදල වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ඉහළ දමා ඇත.

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

කෙසේ වෙතත්, සාමාන්‍ය මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා ලබාදෙන උපරිම ලීසිං ණය සීමාව වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා පමණක් සීමා කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කරන ලද මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහනයක් ලීසිං ක්‍රමයට මිලදී ගැනීමේදී, එම වාහනයේ සමස්ත වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින්ම අතින් (Down Payment) දැරිය යුතු වේ.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින්, මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පියවර ගෙන ඇත. මහ බැංකුවේ නීත්‍යානුකූල බලතල ප්‍රකාරව ගනු ලැබූ මෙම තීරණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ, මෝටර් රථ සඳහා දැනට පවතින උපරිම ණය වටිනාකම් සීමාවන් තවදුරටත් සංශෝධනය කරමින් මූල්‍ය වෙළෙඳපොළ පාලනය කිරීමයි.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author