දේශීය

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හැදීමට පත්කළ විශේෂඥ කමිටුව පළමු වරට රැස්වෙයි

සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කළ හැකි නව මුහුණුවරක් මෙරට වෛද්‍ය අධ්‍යාපනයට එක්කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුවේ පළමු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. මෙම රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරිමේ උපාය මාර්ගික වැදගත්කම හඳුනා ගනිමින් මෙම ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට නියමිතයි. මෙරට වෛද්‍ය අධ්‍යාපනය තුළ සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම මෙන්ම පවතින ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම කමිටුවේ නිර්දේශ ශ්‍රී ලංකාවේ අනාගතයට මෙන්ම ජනතා සුබ සිද්ධියට සෘජුවම බලපාන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author