ක්‍රීඩා

ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න! සභාපති කපිල විජේගුණවර්ධන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතා නම් කර තිබේ.

මෙරට ඉදිරි ක්‍රිකට් තේරීම් කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් පත් කරන ලද මෙම නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා හිටපු ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඇතුළත් කර සිටිති.

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

ඒ අනුව නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබන්නේ:

  • අමල් සිල්වා මහතා (හිටපු ක්‍රීඩක)
  • බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා (හිටපු ක්‍රීඩක)
  • වරුණ වරාගොඩ මහතා (හිටපු ක්‍රීඩක)
  • වැනීසා ද සිල්වා මහත්මිය (හිටපු ක්‍රීඩිකා)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ සියලුම ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත සහ ක්‍රීඩකයන් තේරීමේ පූර්ණ වගකීම මෙම නව කමිටුව වෙත පැවරෙනු ඇත.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author