දේශපාලන දේශීය

2022 වගේ ආර්ථික අර්බුදයක් ආයෙත් වෙන්න දෙන්නේ නැහැ” – ජනපතිගෙන් සහතිකයක්

මැදපෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හමුවේ ඇති වන ඕනෑම බලපෑමක් හෝ ගැටලුවක් සාර්ථකව විසඳා ගැනීමේ ශක්තිය වත්මන් රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා කියා සිටින්නේ 2022 වසරේදී මෙරට ඇති වූ ආකාරයේ දරුණු ආර්ථික අර්බුදයක් යළි කිසිසේත්ම ඇති වීමට ඉඩ නොතබන බවයි.

අම්පාර, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 24කට පසුව යළි ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

පසුගිය 1999 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර වී තිබුණි. ඉතා පොහොසත් සංස්කෘතික උරුමයකට හිමිකම් කියන අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින්, ඒවා මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මෙලෙස යළි ක්‍රියාවට නැංවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

“2022 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ඇමෙරිකානු ඩොලර් එකක්වත් නොතිබූ බැවින් රට දැඩි අර්බුදයකට ලක්වුණා. නමුත් වත්මන් රජය යටතේ මේ වනවිට මහ බැංකුව සතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 7,000කට (බිලියන 7) ආසන්න මුදල් ප්‍රමාණයක් සුරක්ෂිතව පවතිනවා. ඒ නිසා ඕනෑම ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දීමේ මූල්‍ය ස්ථාවරත්වය රට තුළ තිබෙනවා.”

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ සහ ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author