අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී මෙරට ප්‍රමුඛ වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 මට්ටමට වඩා පහළ අගයක් දක්වා පහත වැටී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට හැකි විය.
පසුගිය දින කිහිපය පුරාම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීමක් දක්නට ලැබුණි. එහි උපරිම අවස්ථාවක් සටහන් කරමින් ඊයේ (21) දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354ක් ලෙස සටහන් වූයේ, ඊට පෙර දිනයට වඩා රුපියල් 12කින් ඩොලරයේ අගය ඉහළ නංවමිනි.
කෙසේ වෙතත්, එම තත්ත්වය වෙනස් කරමින් මෙරට ප්‍රමුඛ වාණිජ බැංකු රැසක අද පස්වරුව වනවිට ඩොලරයේ විකුණුම් මිල පහළ ගොස් තිබූ අතර, එම අගයන් සටහන්ව තිබුණේ මෙලෙසිනි:
- ලංකා බැංකුව (BOC): රුපියල් 336.50
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB): රුපියල් 336.49
- මහජන බැංකුව: රුපියල් 338.86
- හැටන් නැෂනල් බැංකුව (HNB): රුපියල් 340.00
- සම්පත් බැංකුව: රුපියල් 340.50
- කොමර්ෂල් බැංකුව: රුපියල් 342.50
පසුගිය දිනවල පැවති දැඩි විනිමය අනුපාතික උච්චාවචනයන්ගෙන් පසුව, අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියල මෙලෙස සුළු වශයෙන් ශක්තිමත් වීම ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව ඇත.