යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ගුවන්තොටුපොළ අවට ප්‍රදේශ රැසක් මේ වනවිට ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණ පා සිටින අතර, ඒ හේතුවෙන් ගුවන්තොටුපොළ වෙත පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතාවයන්ගෙන් වැළකීම සඳහා, ගුවන් මගීන් සිය ගුවන් ගමන් වාරයට අවම වශයෙන් පැය 04 කට පමණ පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට කටයුතු කරන ලෙස ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා දැනුම් දෙයි.
එමෙන්ම, ගුවන්තොටුපොළ වෙත පැමිණීමේදී සාමාන්‍ය මාර්ග භාවිත නොකර, හැකිතාක් දුරට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන ලෙස ද මගීන්ගෙන් ඉල්ලා සිටී.
පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අවට නයිකන්ද සහ කෝවින්න යන ප්‍රදේශ ද දැඩි ලෙස ගංවතුර ආපදා තත්ත්වයට ලක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.