දේශීය

දෙවුන්දර වෙඩිතැබූ මෝටර් රථය දික්වැල්ලෙන් හමුවෙයි

මාතර දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට වෙඩි තබා පලාගිය සැකකරුවන් පැමිණි මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයේදී සොයාගත් බව පොලීසිය පවසයි.

දෙවුන්දර නිවසට වෙඩි තබා පලාගිය මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී; රියදුරු පලා යයි!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් විසින් වෙඩි තබා පලාගිය බවට සැක කෙරෙන මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ අදාළ මෝටර් රථය නවතා තිබී ඇති අතර, එය පරීක්ෂා කිරීමට පොලීසිය උත්සාහ කිරීමේදී රියදුරු විසින් රථය නොනවත්වා ධාවනය කර ඇත. පසුව අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය මාර්ගය ආසන්නයේ තිබූ කාණුවකට වැටී නැවතී ඇති අතර, එහි සිටි රියදුරු පලාගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

CCTV ඔස්සේ විමර්ශන

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මෝටර් රථය දෙවුන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීම සඳහා පැමිණි රථය බවයි.

ඊයේ අලුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් දෙවිනුවර, ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාරේ පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙලෙස වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි. වෙඩික්කරුවන් පැමිණි ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබූ අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගන්දර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author