ගම්පොළ උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දෙණියේගල තොටුපොළේ දිය නෑමට ගිය වැලිගල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
එකතු වන්න →Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්නනවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
ගම්පොළ මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි දරුවෙකු අතුරුදන්!
ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව ගම්පොළ පොලිස් ස්ථානය පවසයි.
ඊයේ (22) සවස් කාලයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස අතුරුදන් වී ඇත්තේ වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
මිතුරන් සමඟ නාන්න ගොස් වූ අනතුර
ලැබී ඇති තොරතුරුවලට අනුව, අතුරුදන් වූ දරුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ මහවැලි ගඟේ දෙණියේගල තොටුපොළ අසල දිය නාමින් සිට ඇත. එහිදී ක්ෂණිකව දියේ ගිලීමෙන් දරුවා අතුරුදන් වී ඇති බව දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අතුරුදන් වූ දරුවා සෙවීම සඳහා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව සෙවුම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.