දේශීය

කාදිනල් හිමිපාණන් ඇතුළු 8ක් ඉදිරිපත් කළ පෙත්සම්: හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ නඩුවේ අලුත්ම තීරණය මෙන්න.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සමට එරෙහිව කාදිනල් හිමිපාණන් ඇතුළු 8 දෙනෙකු ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් සලකා බැලීම අගෝස්තු 04 සහ 06 යන දිනවල සිදු කිරීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වෙන්න කාදිනල් හිමිපාණන් ඇතුළු 8ක් දැමූ පෙත්සම් සලකා බැලීම අගෝස්තු 4 සහ 6 දිනවලට!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් සලකාබැලීම සඳහා අගෝස්තු මස 04 සහ 06 යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (17) නියම කළේය.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පාර්ශව අටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ අද දින මෙම පෙත්සම් කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ, පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීම සිදු කරන බවයි.

ඒ අනුව, අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන් නියෝජනය කරන නීතිඥවරුන්ගේ ද එකඟතාවය මත අදාළ පෙත්සම් සළකා බැලීම අගෝස්තු මස 04 සහ 06 යන දිනවලදී සිදු කිරීමට අධිකරණය තීරණය කළේය.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author