දේශීය

අද හවස පස්වරු 2න් පස්සේ ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි!

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලට පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්ක රැසකට වැසි වාර කිහිපයක්; ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර් 40ක තද සුළං!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් සහ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩකඩ පවතී.

පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

සුළඟේ වේගය ඉහළට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

elankamirror

About Author