ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වා තිබේ. මෙම රථ උතුරු පළාතේ පොලිස් මෙහෙයුම් සඳහා යොදවනු ඇත.
ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක ප්‍රදානයක්; ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් භාරදෙයි!
ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම මැදිහත් වෙමින්, ශ්‍රී ලංකා පොලීසියේ උතුරු පළාත් මෙහෙයුම් සහ මහජන සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ සුවිශේෂී වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.
මෙම නිල වාහන භාරදීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය කේ.එම්. ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, අමාත්‍යාංශ ලේකම් ඩී.වී.ආර්.බී. සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම DIMO සහ TATA Motors India සමාගම් නියෝජනය කරමින් උසස් නිලධාරීන් කණ්ඩායමක් ද මීට එක්ව සිටියහ.
දෙරටේ දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ මහජන සේවා කටයුතු නංවාලීමේ අරමුණින් පිරිනමන ලද මෙම TATA Xenon Yodha කැබ් රථ පෙළ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සංකේතයක් ලෙස සැලකේ. මෙම වාහන 134ම උතුරු පළාත පුරා දෛනික මුර සංචාර, නීතිය හා සාමය පවත්වාගෙන යාම සහ ප්‍රජා සේවා වැඩසටහන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා යොදවා ඇත.
පොලිස් රාජකාරි සඳහාම විශේෂයෙන් සකසන ලද සැලසුමක් අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයන්ට ඔරොත්තු දෙන බලවත් ඩීසල් එන්ජිම, වැඩි බර ප්‍රවාහන ධාරිතාව, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු නඩත්තු වියදම් නිසා මෙම කාර්යය සඳහා TATA Xenon Yodha රථය තෝරාගෙන තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි විශේෂ ආරක්ෂිත ආවරණ සහ නිලධාරීන් ප්‍රවාහනයට පහසු දිගු ආසන පද්ධතියක් ද මීට අලුතින් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
මෙහිදී අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා සඳහන් කළේ, වාහන භාරදීමෙන් පමණක් DIMO වගකීම අවසන් නොවන බවත්, දිගුකාලීන මෙහෙයුම් සූදානම වෙනුවෙන් විශිෂ්ටතම අලෙවියෙන් පසු සේවා (After Sales Services) සහ නියම අමතර කොටස් සැපයීමේ පුළුල් සහාය පද්ධතියක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.