අලුත්ගම මොරගල්ල මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට!
අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ වෙරළ තීරයේදී මුහුදේ ගිලීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
මෙලෙස මියගොස් ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු මිතුරන් පිරිසක් සමග පැමිණ මොරගල්ල මුහුදේ දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි. පසුව ඔහුව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුද රළු විය හැකි බැවින්, දිය නෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න