දේශීය

හැටන් – නුවරඑළිය යන අයට විශේෂ නිවේදනයක්: පතන මංසන්ධිය අසලින් යද්දී මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න!

හැටන් – නුවරඑළිය පාරේ කොටගලින් ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ: විශාල ගස් කඩා වැටීමේ අවදානමක්!

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන මංසන්ධිය ආසන්නයේ පිහිටි නායගිය ස්ථානයට ඉහළින් ඇති යූකැලිප්ටස් ගස් කිහිපයක් මාර්ගයට කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කිරීමට පියවර ගෙන තිබේ.

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

ප්‍රධාන මාර්ගයට සහ ඒ අසලින් ගමන් ගන්නා වාහනවලට සිදුවිය හැකි හානි වැළැක්වීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් ඊයේ (14) දින සිට මෙම පියවර ගෙන ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ නායගිය ස්ථානයේ කඳු මුදුනේ ඇති විශාල යූකැලිප්ටස් ගස් කිහිපයක මුල් මේ වන විට මතු වී ඇති බවයි. පවතින අයහපත් කාලගුණය සහ ප්‍රදේශයට බලපා ඇති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගස් ඕනෑම මොහොතක ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ බියක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මෙම අවදානම් සහගත ගස් කපා ඉවත් කරන ලෙස ආපදා කළමනාකරණ ඒකකය වෙත දැනුම් දී ඇතත්, මෙතෙක් ඊට ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව මගී ජනතාව සහ රියදුරෝ චෝදනා කරති.

කිසියම් හෙයකින් මෙම ගස් කඩා වැටීමක් සිදුවුවහොත් මාර්ගයේ ගමන් ගන්නා මගී ජීවිතවලට මෙන්ම රථවාහනවලට ද දැඩි හානි සිදුවිය හැකි බැවින්, මෙම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිලිමත්භාවයකින් යුතුව ධාවනය කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

elankamirror

About Author