යෝෂිත රාජපක්ෂ මහතාව නීතිවිරෝධී ලෙස නාවික හමුදාවට බඳවා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
යෝෂිත රාජපක්ෂට නීතිවිරෝධී ලෙස වරප්‍රසාද දීමේ චෝදනාව; හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අද පෙ.ව. 10.05ට පමණ කොමිෂන් සභා පරිශ්‍රයේදී ඒ මහතාව අත්අඩංගුවට ගත් අතර, ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන එනු ලැබීය.
යෝෂිත රාජපක්ෂ සම්බන්ධ චෝදනා වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් මුල් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඉන් ප්‍රධානතම චෝදනාවක් වන්නේ, 2006 වසරේ නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත මූලික සුදුසුකම් සපුරා නොතිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව එම තනතුරට බඳවා ගැනීමට කටයුතු කිරීමයි.

මීට අමතරව, එවකට පැවති පිළිගත් රාජ්‍ය ක්‍රමවේදයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැරව, රජයේ පොදු මුදල් වැය කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ (Royal Naval College) විශේෂ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම ද කරන්නාගොඩ මහතාට එල්ල වී ඇති අනෙක් ප්‍රධාන චෝදනාව වේ. මෙම සිදුවීමට අදාළව අධිකරණයේදී ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.