දේශීය

කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය ඇරඹෙයි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්තියට අනුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ප්‍රාදේශීය නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයින් ජාතික ආර්ථිකයට නැංවීමේ “කෑගල්ල විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය” උදාර ලෙස ඇරඹෙයි!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ඍජු මෙහෙයවීම මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ “කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය” ඊයේ (26) දින පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර සභා ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ප්‍රාදේශීය මට්ටමින් බිහිවන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ (MSMEs) නිෂ්පාදන තත්ත්වයෙන් උසස් කිරීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙමින් ජාතික ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වේ.

ජාත්‍යන්තර GMP සහතික සහ ණය උපදෙස් මෙම සමාරම්භක වැඩසටහන අතරතුරදී, ගලිගමුව විදාතා මධ්‍යස්ථානයේ සාර්ථක ව්‍යවසායිකාවක වන නිලක්ෂි විජේසිංහ මහත්මිය වෙත ඇයගේ නිපැයුම් වෙනුවෙන් ජාත්‍යන්තර GMP (Good Manufacturing Practices) තත්ත්ව සහතිකය සංකේතාත්මකව පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදුවිය.

මීට අමතරව ප්‍රදර්ශනයට පැමිණි නව ව්‍යවසායකයින් වෙනුවෙන් මහජන බැංකුවේ ණය යෝජනා ක්‍රම සහ මූල්‍ය පහසුකම් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ සැසියක් මහජන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු උපුල් බණ්ඩාර මහතා විසින් පවත්වනු ලැබීය.

පාසල් සිසුන්ගේ සහ ව්‍යවසායකයින්ගේ නව නිපැයුම් කෑගල්ල දිස්ත්‍රික් විදාතා නිලධාරී සිදත් සංගක්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන්, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විදාතා නිලධාරීන් එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සඳහා පාසල් සිසුන් සහ ප්‍රාදේශීය ව්‍යවසායකයන් විසින් නිර්මාණය කරන ලද අතිවිශිෂ්ට නව නිෂ්පාදන හා තාක්ෂණික උපකරණ රැසක් එක්කර තිබිණි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ විදාතා අධ්‍යක්ෂ මනෝජි කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර යන මහත්ම මහත්මීන්, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම්, විදාතා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයන් මෙන්ම පාසල් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author