දේශීය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි 16 ප්‍රංශයේ නිල සංචාරයක.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි 16 වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වේ. එහිදී ලොව ප්‍රමුඛතම නාවික සමාගමක් වන CMA CGM සභාපති රොඩොල්ෆ් සාදේ මහතා හමුවීමට නියමිතය.

කොළඹ වරාය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් කිරීමට ප්‍රංශයෙන් දැවැන්ත ආයෝජන; ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි 16 ප්‍රංශයට!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන ජුලි මස 16 වනදා ප්‍රංශයේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේ, මෙම සංචාරය අතරතුරදී ලෝකයේ ප්‍රමුඛතම නාවික ප්‍රවාහන සමාගමක් වන CMA CGM ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ මහතා සමඟ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ප්‍රංශ තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ප්‍රංශ ඇස ලෝකයේ ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන CMA CGM සමාගමේ ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය සඳහන් කළේ, කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පුළුල් කිරීමට තමන් දැඩි කැමැත්තක් දක්වන බවයි. මේ වන විට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ (West Container Terminal) දෙවන අදියර ව්‍යාපෘතිය පිළිබඳව තම සමාගම විශේෂ අධ්‍යයනයක් සිදුකරන බවද ඇය පැවසුවාය.

දැනටමත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට (ECT) පැමිණෙන බහාලුම්වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් CMA CGM සමාගම සතු වන අතර, එම ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන (Air Cargo) ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහාය දීමට ද ප්‍රංශ නියෝජිත පිරිස සූදානම පළ කර ඇත.

ලෝක මට්ටමේ නාවික මධ්‍යස්ථානයක් කොළඹ වරායේ උපාය මාර්ගික වැදගත්කම හඳුනාගෙන ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ආයෝජක කණ්ඩායමට සිය ස්තූතිය පළ කළේය. කොළඹ වරාය ඉන්දියානු සාගර කලාපයේ ලෝක මට්ටමේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් (Hub) බවට පත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author