කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ විය. ජාතික පාරිසරික සංශෝධන පනත ඇතුළු පනත් කිහිපයක් අද විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9:30ට ඇරඹෙයි; ජාතික පාරිසරික සංශෝධන පනත සහ විදුලිබල පනතේ නියමයන් අද විවාදයට! [LIVE]
අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ කෙරුණි.
අද දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව රටේ ඉදිරි ගමන්මඟට අදාළ වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනීමට සහ අනුමත කර ගැනීමට නියමිතව තිබේ.
අද දින විවාදයට ගැනෙන කරුණු ඒ අනුව, ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දින සිදු කිරීමට නියමිතය. මීට අමතරව වත්මන් බලශක්ති ක්ෂේත්‍රයට අතිශය වැදගත් වන විදුලිබල පනත යටතේ වන නව නියමයන් අනුමත කරගැනීම ද අද දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු අතර ප්‍රධාන තැනක් ගනී.
සභාවාරයේ ආරම්භයේදී මන්ත්‍රීවරුන් විසින් යොමු කරනු ලබන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා අමාත්‍යවරුන් විසින් පිළිතුරු ලබා දීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයන් ආරම්භ වීමට නියමිතය.