ක්‍රීඩා

සූර්යවංශී ලෝක වාර්තාව

පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් විය. ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී පන්දු 11කින් ඔහු මෙම ලෝක වාර්තාව පිහිටෙව්වේය.

දඹුල්ලේදී ලෝක වාර්තාවක් අලුත් වෙයි; පන්දු 11කින් අර්ධ ශතකයක් ගැසූ වෛභව් සූර්යවංශී පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී අද (21) සුවිශේෂී ලෝක වාර්තාවක් බිහි විය.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළ ඉන්දීය A කණ්ඩායමේ ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශී (Vaibhav Suryavanshi), පළමු පෙළ (List A) ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

පන්දු 11කින් 50 සීමාවට! කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි වෛභව් සූර්යවංශී, පිටියේ නන් දෙසින් ලකුණු රැස් කරමින් පන්දු 11ක් වැනි කෙටි පන්දු සංඛ්‍යාවකින් සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. ඔහුගේ මෙම ප්‍රහාරාත්මක ඉනිමට දැවැන්ත හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 05ක් ඇතුළත් විය.

සහන් ආරච්චිගේ වෙතින් බ්‍රේක් එකක් ලෝක වාර්තාගත අර්ධ ශතකයෙන් පසුව ද නොනැවතී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙල්ල කළ සූර්යවංශී, පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 94ක් ලබා සිටියදී ඔහුව දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක සශීන්ද්‍ර සහන් ආරච්චිගේ සමත් විය. ඒ වන විටත් ඔහු ඉන්දීය ලකුණු පුවරුව දැවැන්ත මට්ටමකට ඔසවා තබා තිබුණි. තරගය දඹුල්ලේදී ඉතා උද්වේගකර අයුරින් පැවැත්වේ.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author