සෑම වසරකම ජූනි මස තුන්වන ඉරිදා දින සමරනු ලබන ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අද (21) දිනට යෙදී තිබේ. පවුල වෙනුවෙන් කැපවන නිහඬ වීරයන්ට ගෞරව කරන මෙම දිනයේ ඉතිහාසය මෙතැනින් කියවන්න.
පවුල රැකගන්න නිහඬවම සටන් කරන ලෝකයේ සියලුම පියවරුන් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අදයි!
ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත පියවරුන්ගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ ආදරය ඇගයීමට ලක් කෙරෙන ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය (Father’s Day) අද (21) දිනට යෙදී තිබේ.
සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනය මෙලෙස පියවරුන් උදෙසා වෙන් කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් නිල ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති වුවද, ලොව පුරා බොහෝ රටවල් ඉතා උත්කර්ෂවත් අයුරින් පියවරුන්ට ගෞරව දක්වමින් මෙම දිනය සමරනු ලබයි.
පියවරුන්ගේ දිනයේ ඓතිහාසික ආරම්භය පියවරුන්ගේ දිනයේ ඉතිහාසය 1910 වසර දක්වා ඈතට දිව යයි. මෙය මුලින්ම අමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වූ අතර, පියවරුන්ට ගෞරව දැක්වීමේ මෙම විශේෂ සංකල්පය සමාජගත කිරීමට මුල් වූයේ වොෂිංටන් ප්‍රාන්තයේ පදිංචිව සිටි සොනෝරා ස්මාර්ට් ඩොඩ් (Sonora Smart Dodd) මහත්මියයි. ඇයගේ පියා යුද සේවකයෙකු වූ අතර, මව අහිමි පවුලක දරුවන් හයදෙනෙකු තනිවම රැකබලා ගත් නිහඬ වීරයෙකු විය.
20 වන සියවසේ මුල් භාගයේදී වොෂිංටන් සහ බටහිර වර්ජිනියාවේදී පියවරුන්ට ගෞරව දැක්වීමේ විශේෂ උත්සව පැවැත්වුණු අතර, 1910 දී ප්‍රථම නිල සැමරුම ඇමරිකාවේ ස්පෝකේන් (Spokane) නගරයේදී සිදුවිය. පසුව, 1972 දී එවකට අමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් (Richard Nixon) විසින් මෙය ජාතික නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
දිවියේ දුක් ගැහැට විඳින පිය සෙනෙහස පියවරුන් යනු බොහෝවිට තමන්ගේ හැඟීම් නිහඬවම හංගාගෙන, දහඩියෙන් හා කඳුළින් පවුල රැකගන්නා ශක්තිමත්ම ජීවියාය. ඔවුන්ගේ කැපවීම බොහෝවිට වචනවලින් නොව ක්‍රියාවෙන්ම ප්‍රකාශ වේ. “අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී – ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි” යනුවෙන් ගැයෙන කවි පන්තියෙන් මෙන්ම, අම්මා සඳක් සේ නිවී සෙවණ දෙන ලෝකයක, පියා හිරු ලෙස උණුසුම සහ ශක්තිය දෙනු ලබන්නේ පවුලේ ජීවිතයට ආලෝකය එක් කරමිනි. ඔහුගේ නිහඬ සටන, ආදරය හා කැපවීම අද දිනයේදී මුළු මහත් ලෝකයම ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.