ක්‍රීඩා

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පොලීසියෙන් අමානුෂික ප්‍රහාරයක්!

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 26 හැවිරිදි දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට ඊයේ (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී තිබේ. තරගයකින් පසු ත්‍රීරෝද රථයකින් නිවස බලා යමින් සිටි ඔහුව, කිසිදු හේතුවක් නොමැතිව නවතා බලහත්කාරයෙන් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් පහර දී ඇති බව වාර්තා වේ.

තමන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව පැවසුවද පොලිසිය එය නොසලකා හැර ඇති අතර, පසුව ඔහුව හඳුනාගැනීමෙන් අනතුරුව ද පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුට තර්ජනය කර ඇත. මේ වන විට නයීම් තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියි.

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි විරෝධය: මෙම සිදුවීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) සහ මුෂ්ෆිකර් රහීම් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සිය දැඩි විරෝධය පළ කරමින් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චැටෝග්‍රෑම් පොලිසිය පවසා ඇත්තේ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවයි.

ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කර ඇති නයීම් හසන්, මේ මස අගදී පැවැත්වෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට ද නම් කර තිබේ.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

elankamirror

About Author