දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන බවයි.
Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
ඒ අනුව අදියර 1 (විමසිලිමත් මට්ටම) යටතේ පහත සඳහන් දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත:
- කළුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර සහ අගලවත්ත
- නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව
- රත්නපුර දිස්ත්‍රික්කය: අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම්, බෑවුම් කඩාවැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳව දැඩි විමසිලිමත්භාවයකින් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.
Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න